GOSSIP NEWSVIRAL NEWS

බෝර්න් අගේන් කැපිල්ලට හසු වූ තවත් තරුවක් නික්මෙයි – චාමර කපුගෙදර ක්‍රීඩාවෙන් සමුගනියි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වූ චාමර කපුගෙදර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

තවමත් 32 හැවිරිදි වියේ පසුවන චාමර කපුගෙදර ටෙස්ට් තරග 8කදී, එක්දින තරග 102කදී හා විස්සයි20 තරග 43කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබේ.

ප්‍රවේගකාරී පිතිකරුවෙක් මෙන්ම අති දක්ෂ පන්දු රකින්නෙකු ලෙසද චාමර කපුගෙදර ජාත්‍යන්තර තලයේ ප්‍රසිද්ධියට පත් විය.

අවුරුදු 19දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් හිමිකර ගත් චාමර කපුගෙදරට කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් දිනා ගැනීමට නොහැකි විය.

විශේෂයෙන්ම දක්ෂතා දැක්වූවද සුදුසු අවස්තාවන් නොලද ක්‍රීඩකයෙක් ලෙස හැඳින්විය හැකි කපුගෙදර 2017  වසරේදී අවසන් වරට ශ්‍රී ලංකාව නියෝජනය කළේය.

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල වැනි ක්‍රීඩකයන්ට කොතරම් අසාර්ථක වූවත් කණ්ඩායමේ ස්ථානයක් ලබා දෙන මෙරට ක්‍රිකට් බලධාරීන් මෙරට නිත්‍ය සීමිත ඕවර නායකත්වයට පවා සුදුසු ක්‍රීඩකයෙක් වූ කපුගෙදරට අවස්තාවන් නොදීම විටෙක ජාත්‍යන්තර විචාරකයන්ගේ පවා විවේචනයට ලක් විය.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ආක්‍රමණය කර තිබෙනා ‘බෝර්න් අගේන්’ නම් අන්තවාදී ආගමික නිකායක් පිළිබඳව චෝදනා එල්ල වී තිබෙන අතර, කොතරම් අසාර්ථක වූවද කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල වැනි එකම ක්‍රීඩකයන් පිරිසකට අවස්තාව හිමි වීම පසුපස සිටින්නේ එම ආගමික බලපෑම් බවටද මේ වනවිට චෝදනා එල්ල වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button