BREAKING NEWSEXCLUSIVE

ප්‍රභූ පන්තිය බිළි ගත් ‘බෝර්න් අගේන්’ කල්ලිය ගම් වලටත් පනියි – මූලධර්මවාදියාට අම්පිටියෙ නා හිමිගෙන් කනෙ පහරක් (VIDEO)

මෙරට ඉහළම පෙළේ ඉහළම පෙළේ දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු ප්‍රභූ පැලැන්තිය ඉලක්ක කරගෙන සිය අන්‍යාගමිකරණ ව්‍යාපෘතිය දියත් කළ බෝර්න් ආගමික නිකායේ පිරිස් දැන් මෙරට සාමාන්‍ය වැසියන් අරබයා ද සිය අන්‍යාගමීකරණ වැඩසටහන ක්‍රියාත්මක කරමින් පවතින බව වාර්තාවේ.

මෙරට පක්ෂ විපක්ෂ  සෑම දේශපාලන පක්ෂයකම ඉහළ පෙළේ නායකයන්, ව්‍යාපාරිකයන් හා ධනවතුන්ගේ ක්‍රිඩාව ලෙස සැලකෙන ක්‍රිකට් ක්‍රීඩාවම සම්පූර්ණයෙන්ම බිළිගත් මෙම බෝර්න් අගේන් කල්ලිය මෙරට ප්‍රභූ පැළැන්තියම බිලිගෙන අවසන්ය.

බෝර්න් අගේන් නිකාය මූලිකවම විහිදී තිබෙන්නේ ධනවත් හා බලවත් ප්‍රභූ පන්තිය අතරය. මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවම පාලනය කරන්නේ ඔවුන් විසින්.

එලෙස සිය ආගමීක ප්‍රභූ පුද්ගලයන්ගේ ආධාර ඔස්සේ හා විදෙස් රටවලින් එක් වන මුදල් හා වරප්‍රසාද සාමාන්‍ය ජනතාවට ලබා දෙමින් මෙම පිරිස් දැන් දුගී නිර්ධන පන්තිය ඉලක්ක කර අන්‍යාගමීකරණ ව්‍යාපෘතිය දියත් කරමින් සිටිනවා.

එම බෝර්න් අගේන් නිකායේ පිරිසක් මඩකලපුවේ දුගී බෞද්ධ ගම්මාන ඉලක්ක කරගෙන සිදු කරනා අන්‍යාගමීකරණ වැඩසටහනක් පිළිබඳ රටට හෙළිදරවු කිරීමට පූජ්‍ය අම්පිටියේ සුමනරතන නායක හිමියන් සමත් විය.

අම්පිටියේ නා හිමි සැලකෙන්නේ දැඩි අන්‍යාගමීකරණ බලපෑම් මැද නැගෙනහිර බොදු උරුමය රැකගෙන ජීවත් වන හිමිනමක් ලෙසිනි.

එම අවස්තාවේ ඡායාරූප හා වීඩියෝ පහතින්…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button