BREAKING NEWSEXCLUSIVE

ජනමාධ්‍යවේදීන්ට බූස්ටර් මාත්‍රාව හෙට සිට..

ජනමාධ්‍යවේදීන් සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීමේ වැඩසටහන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී හෙට (8) පෙරවරු 8.30ට ආරම්භ වීමට නියමිතයි.

කොවිඩ් 19 සඳහා වන පළමු හා දෙවැනි එන්නත් මාත්‍රා ලබාගත් මාධ්‍යවේදීන්ට අදාළ කාඩ්පත රැගෙන ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත පැමිණ බූස්ටර් එන්නත ලබා ගැනීමට හැකි වනවා.

එහිදී 2021 ජූනි මස 16 සහ 20 යන දිනවලදී දෙවැනි මාත්‍රාව ගත් මාධ්‍යවේදීන් හට හෙට (8) පෙරවරු 08.30 සිට සවස 03.30 පැමිණ මේ එන්නත ගත හැකි වනවා.

එමෙන්ම ජූනි මස 24 සහ 27 යන දිනවලදී දෙවැනි මාත්‍රාව ගත් මාධ්‍යවේදීන් හට ජනවාරි 9 දා පෙරවරු 08.30 සිට සවස 3.30 දක්වා කාලය තුළ පැමිණ බූස්ටර් මාත්‍රාව ගත හැකි අතර ජූලි මස 4 දා හා 17 දා දෙවැනි මාත්‍රාව ගත් මාධ්‍යවේදීන් හට ජනවාරි 15 දා පෙරවරු 08.30 සිට සවස 03.30 දක්වා කාල සීමාව තුළ පැමිණ එන්නත ගත හැකියි

එමෙන්ම ජූලි මස 27 දා හා ඉහත දිනවලදී බූස්ටර් මාත්‍රාව ගැනීමට නොහැකි වූ මාධ්‍යවේදීන් හට 16 දා පෙරවරු 08.30 සිට සවස 03.30 දක්වා බූස්ටර් මාත්‍රාව ගත හැකි බවයි ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button