CRICKETSPORTS

අසන්ත ද මෙල්ගේ මොට්ට තීරණ ඉන්දීය ක්‍රිකට් විචාරකයන්ගේත් විවේචනයට

රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් විසින් සිතාමතා හෝ යම්කිසි මාෆියාවක් නඩත්තු කිරීම උදෙසා ලබා ගන්නා තීරණ කලක පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ගේත්, මාධ්‍යයේත් විවේචනයට ලක් වුනා.

ඒ අතර ආගම් පදනමකින් ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුල් කිරීම, ආගම් පදනම හේතුවෙන් තෝරා ගත් ක්‍රීඩකයන් නොසලකා හැරීම, කුසල් මෙන්ඩිස් නිරෝෂන් දික්වැල්ල වැනි ක්‍රීඩකයන් කොතරම් අසාර්ථක වූවද අවස්තාව ලබා දීම වැනි තීරණ දැඩිව විවේචනයට ලක් වුනා.

මේ අතර එලඹෙන ටෙස්ට් තරගාවලිය සඳහා මීට මාස කිහිපයකට පෙර ලොව හොදම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා ඉවත් කර, කුසල් මෙන්ඩිස්ට අවස්ථාව ලබා දීම මෙරට රසිකයන් හා ජනමාධ්‍ය අතර පමණක් නොව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ගේද විවේචනයට ලක්ව තිබේ.

ජාත්‍යන්තර ක්‍රීඩා විචාරක හර්ෂ බොග්ලේ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා කුසල් ජනිත් පෙරේරා සංචිතයෙන් ඉවත් කිරීම විවේචනය කර තිබුනා.

එහිදී ඔහු පවසා තිබුනේ

“කුසල් පෙරේරා 2019 වසරේ අති විශිෂ්ඨතම ටෙස්ට් ඉනිම වාර්තා කළා. නමුත් 2020 වසරේදී ටෙස්ට් සංචිතයට ඇතුලත් වීමට තරම් එය ප්‍රමාණත් නොවුනා. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් වල තිබෙනා ප්‍රශ්නයයි. ශ්‍රී ලංකාවේදී දක්ෂ ක්‍රීඩකයන්ට ඉදිරියට යෑමට ඇතිඔ අවස්ථාව අඩුයි” යනුවෙනි.

හර්ෂ බොග්ලේගේ ට්විටර් පණිවිඩය පහතින්,

උපුටා ගැනීම : Lanka Cric
http://lankacric.com/cricket-news/65/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button