BREAKING NEWSEXCLUSIVE

වැලිගම සංචාරක හෝටලයක පිපිරීමක්..

වැලිගම, කප්පරතොට ඇවරියවත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක අද (04) අලුයම ඇතිවු පිපිරීමකින් තිදෙනෙක් තුවාල ලබා ඇතැයි වැලිගම පොලිසිය පවසනවා.

මෙම සංචාරක හෝටලය මැතකදි ඉදිකරන ලද එකක් වන අතර පිපිරිමත් සමග ඇතිවු ගින්නෙන් එහි සිටි පියා සහ පුතුන් දෙදෙනකු තුවාල ලබා මාතර මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය වාර්තාවීමත් සමග පොලීසිය පැමිණ ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇති අතර මෙම පිපිරීම කුමකින් සිදුවී ඇතිදැයි අනාවරණය කරගැනීම සඳහා පොලීසිය විසින් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button