BREAKING NEWSEXCLUSIVE

“බිමල්ගේ නෝනට BMW තහනම්ද?” ලංකා මැග් හෙළිදරව්වට ජවිපෙන් පිළිතුරු

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායකගේ බිරිඳ වන සමන්මලී රත්නායකගේ නමට නවීන BMW මෝටර් රථයක් ගෙන්වූ පුවත මින්පෙර අප විසින් වාර්තා කළා.

මෙම පුවත ප්‍රථමයෙන්ම රටට හෙළිදරවු කළේ Lanka Mag අප විසිනුයි.

දැඩි කතාබහට ලක්වූ එම ප්‍රවෘත්තියට ජවිපෙ දේශපාලන මණ්ඩල සමාජික කේ.ඩී ලාල්කාන්ත විසින් පිළිතුරු දී තිබේ. දිනපතා පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වූ කේ ඩි ලාල්කාන්ත එහිදී ප්‍රකාශ කර තිබුනේ

“ඇයි බිමල්ගේ නෝනට BMW තහනම්ද ? මේ රට තිබෙන නිර්ධන පංතියේ පක්ෂය වූ නිසාවෙන් අපේ පවුල් වල අයට සැප විඳින්න බැහැයි කියලා මාක්ස්, ලෙනින් කොහේවත් කියලා නැහැ. මේ තියෙන්නේ මිනිසුන්ගේ දැක්මේ අවුලක්. විරුද්ධවාදියාගේ කුහකත්වයේ ප්‍රතිඵලයක් මත තමයි මේවා ජනගත වන්නේ. මේවට උත්තර දෙන්න හදන එකත් මෝඩ වැඩක්” යනුවෙනි.

සබැඳි පුවත් :

ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායකගේ බිරිඳ තවත් සුපිරි BMW රථයක් ගෙන්වයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button