ARTICLESINTERNATIONAL NEWSWEST

DEEP FAKE නිසා සමාජ මාධ්‍යයේ ලොකු ලොක්කොත් අවධානමක

මේ විට නව තාක්ෂණය උපයෝගී කරගනිමින් වැඩිහිටි වෙබ් අඩවි සහ වීඩියෝපට නිර්මාණය කිරීමේ ප්‍රවණතාවක් මතුව තිබෙනවා.
මෙම නව ප්‍රවණතාව හඳුන්වන්නේ DEEP FAKE ලෙසයි.

මෙය විවිධ මූලාශ්‍ර මගින් ලබාගත් ඡයාරූප යොදාගෙන ලිංගික දර්ශන ඇතුළත් චිත්‍රපටවලට සහ විවිධ ක්‍රියාකාරකම් නිරූපණය වන සිද්ධීන් සඳහා යොදා ගැනෙනවා.එනම් කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් යමෙකුගේ අවසරයක් නොලබාම කතා නොකළ හෝ සිදු නොකළ දෙයක් මවා පෙන්වීමට හැකියාව පවතිනවා.

මෙමඟින් facebook, tiktok, instagram වැනි ජනප්‍රිය සමාජ මාධ්‍යයන් පරිශීලනය කරන වැඩිහිටි ප්‍රජාව මෙන්ම පාසල් වයසේ පසුවන දරුවන්ටද දැඩි බලපෑම් එල්ල වෙනවා.

මේ වන විටත් පරිගණක අපරාධකරුවන් විසින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ලෝක ප්‍රකට හොලිවුඩ් නළු ටොම් කෲස්, හිටපු අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඇතුළු ලෝකප්‍රකට චරිත රැසකගේ ඡයාරූප සහ හඬපට ව්‍යාජව සකසා සැබෑ ලෙස නිර්මාණය කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button