EASTINTERNATIONAL NEWS

කොවිඩ් අස්සේ බෙංගාලයේ මැතිවරණයක්..

කොවිඩ් දෙවැනි රැල්ල මේ වනවිට ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ඛේදවාචකයක් ඇතිකර තිබෙනවා.බටහිර බෙංගාලයේ පසුගිය පැය 24 තුළ ආසාදිතයින් 17,000ක් හමුවී ඇති අතර එය එම කලාපයෙන් වාර්තා වූ වැඩිම ප්‍රමාණය වේ.

ආසාදිතයින් ඉහළ ගියද බටහිර බෙංගාල මැතිවරණය පැවැත්වීමට ඉන්දීය බලධාරීන් ක්‍රියාකර තිබෙනවා.

එම ප්‍රදේශයේ ඡන්දදායකයින් විශාල වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

මේ හේතුවෙන් බටහිර බෙංගාලය කොවිඩ් වෛරසයේ මීළඟ බිල්ල වියහැකි බවට වෛද්‍යවරු අනතුරු අඟවති.

වෛරසය රටපුරා වේගයෙන් පැතිරයන අවස්ථාවේ ඒ ගැන නොතකා අගමැති නරේන්ද්‍ර මෝදී මැතිවරණ ප්‍රචාරක රැළි පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ බොහෝ දෙනා ඔහුට සිය විරෝධය පළ කරති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button