BREAKING NEWS

ඇඳිරී නීතිය සමයේ අසරණ වූ දුප්පත් ජනතාවට සහන දෙන්න අගමැති මහින්දගෙන් තීරණ රැසක්!

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන්අසරණ වී සිටින අඩු ආදායම්ලාභී ජනතාවට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන්  තවත් සහන රැසක් ලබා දී තිබෙනවා.

ඒ අනුව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අසරණ වී සිටින දෛනික වැටුප් ලබන කම්කරු ජනතාවට නොමිලේ අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් ලබා දීමටයි රජය තීරණය කර ඇත්තේ.

එමෙන්ම ලොතරැයි අලෙවි නියෝජිතවරුන් සදහා රුපියල් 2 500 ක දීමනාවක් ලබා දීමටද තීරණය කර තිබෙනවා.

එමෙන්ම, අත්‍යාවශ්‍ය රාජකාරීවල නිරත ති‍්‍රවිධ හමුදා, පොලිසියේ පවුල්වලට මෙන්ම වෛද්‍යවරුන්, හෙද – හෙදියන් ඇතුලූ සියලූම රෝහල් කාර්යය මණ්ඩල සඳහා නිවෙස්වලටම අත්‍යාවශ්‍ය භාණ්ඩ නොමිලේ ලබා දීමට අග‍්‍රාමාත්‍යවරයා නියෝග කර තිබේ.

ඒ අනුව එම කාර්යය යුධ හමුදාව විසින් ඉටු කරනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button