BREAKING NEWSEXCLUSIVE
නරාහේන්පිට තාප්පයක රිෂාඩ් බදියුදීන් චිත්‍රයට නැගේ

මේ දිනවල මෙරට තරුණ තරුණියන් එක්වී සිදු කරනා රට සුන්දර කිරීමේ වැඩපිළිවෙලේ කොටසක් ලෙස මෙතෙක් පෝස්ටර් වලින් අපිරිසිදු වී තිබූ තාප්ප, බිත්ති ආදිය පිරිසිදු කර චිත්‍ර අදිමින් සිටිනවා.
එම චිත්‍ර වලට විවිධ සංකල්ප පාදක වන අතර රණවිරුවන්ගේ වීරත්වය, දේශප්‍රේමීත්වය උද්දීපනය වන සිතුවම් හා සමාජයට පණිවිඩයක් එක් කරනා චිත්රද ඒ අතර වනවා.
මේ අතර විල්පත්තු වන විනාශය, පාස්කු ප්‍රහාරය ආදී දැඩි චෝදනාවන්ට ලක්ව සිටිනා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ද මෙලෙසට සිතුවමට නැගී තිබෙනවා.
නරාහේන්පිට පොලිස් රථ වාහන අංගනය අසළ ඊ.ඩි දාබරේ මාවතේ පිහිටි තාප්පයක රිෂාඩ් බදියුදීන් චිත්‍රයට නැගී තිබුනේ මෙලෙසයි.