BREAKING NEWSEXCLUSIVEPOLITICS

බදියුදීන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම අරඹයි

තමන්ව අත්අඩංගුවටගෙන රඳවා තබාගැනීම නීතිවිරෝධී යැයි තීන්දුකරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත්කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද (08) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ විය.

විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා පෙත්සම සලකාබැලීම වෙනත් දිනයකට යොමුකරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට සූදානම් වු බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

කෙසේවෙතත් මෙම පෙත්සම් සලකාබලන විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරු ඉවත්වීම පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබූ බව එහිදී පෙන්වාදුන් සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා අද දින පෙත්සම් සලකාබැලීමට අධිකරණය සූදානම් බව ප්‍රකාශකර තිබේ.

එසේ තිබියදී පෙත්සම්කාර පාර්ශ්වය ඊට පටහැනි ඉල්ලීමක් ඉදිරිපත්කිරිම ගැටලු සහගත බව විනිසුරුවරයා විවෘත අධිකරණයේදී පෙන්වාදී තිබේ.

මෙවැනි ක්‍රියා හරහා මහජනතාව තුළ අධිකරණ ක්‍රමය කෙරෙහි පවතින විශ්වාසය බිඳවැටීමට ඉඩකඩ ඇති බැවින් තමන්ට එහි කොටස්කරුවකු විය නොහැකි බව විනිසුරු මලල්ගොඩ මහතා සඳහන් කළේය.

අනතුරුව පෙත්සම සලකාබැලීම සඳහා සූදානම් බවට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම්දීමෙන් පසු එම කටයුතු ආරම්භ කර තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button