බදියුදීන්ගේ බිරිඳ සී.අයි.ඩි කැඳවා දිගින් දිගටම ප්රශ්න කෙරේ – බදියුදීන්ගේ ජාවාරම් එකින් එක හෙළිවේ

හිටපු ඇමති සහ එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන්ගේ ජාවාරම් පිළිබඳ පරීක්ෂණ අරඹා තිබේ. මේ අනුව ඔහුගේ බිරිඳ දිගින් දිගටම සී. අයි. ඩීය වෙත කැඳවා ප්රශ්න කරමින් තිබේ.
එලෙසට ඊයේ (27 වැනිදා) දහවල් 11.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වූ ඇයගෙන් පැය තුනහමාරක පමණ කාලයක් දීර්ඝව ප්රශ්න කර තිබේ.
සතොසට අයත් ටෙන්ඩර්වලට අදාළ රහසිගත ලිපිගොනු සොයා ගත්තේ ඇමැති බදියුද්දීන්ගේ සොහොයුරාගේ ව්යාපාරික සගයා වන ඉම්රාන් මෙහොමඩ්ගේ තිඹිරිගස්යාය නිවසින් වන අතර එහි තිබී රත්තරන් ජාවාරමකට සම්බන්ධ රුපියල් නවකෝටි අසූලක්ෂයක පොරොන්දු නෝට්ටුවක් සොයාගෙන තිබෙනවා.
කාන්ති කනගසිංහම් නමැති කාන්තාවක සමග රහසිගත ව්යාපාරික ගනුදෙනුවක් සම්බන්ධව රුපියල් නවකෝටි අසූලක්ෂයක පොරොන්දු නෝට්ටු ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
රත්තරන් කුට්ටි මිලදීගෙන රට පැටවීමේ ජාවාරමක් සම්බන්ධව මේ පිළිබඳව කළ විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.
රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ අදත් (28 ) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.