BREAKING NEWSEXCLUSIVE

බැසිල්ගේ නම අද ගැසට් වෙයි

පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කෙරුණු බැසිල් රාජපක්ෂ මහතාගේ නම අද දිනයේ ගැසට් කරන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිසම අද පෙරවරුවේ රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත බවයි එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතාගේ නම ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කෙරෙනු ඇත.

බැසිල් රාජපක්ෂ මහතා හෙට දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට සැලසුම් කර ඇති බවටද වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button