BREAKING NEWSPOLITICS

බැසිල්ට මුදල් ඇමති ධුරය – මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීමට පෙර ඇමති ධුරයත් ?

ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නම් කිරීමට අදාළ ලේඛන අද පස්වරුවේ මැතිවරණ කොමිසම වෙත භාර දෙනු ලැබුවා.

ඒ, එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් විසින්.

ඒ අනුව මේ පිළිබද සාකච්ඡා කිරීම සඳහා හෙට පෙරවරු 9ට මැතිවරණ කොමිසම රැස්වීමට නියමිතව තිබෙනවා.

එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළේ ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂගේ නම ගැසට් කෙරෙනු ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක වෙත භාරදෙනු ලැබුවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහායි.

බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ඉවත්විය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ සාකච්ඡා පැවැත්වුණා.

ෆලිල් මර්ජානා, මහාචාර්ය චරිත හේරත්, ජයන්ත කැටගොඩ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ නම් ඒ සඳහා යෝජනා  වී තිබූ බවයි වාර්තා වූයේ.

ඉල්ලා අස්වීමෙන් පසු මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ කියා සිටියේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අනිද්දා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට පෙර  මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button