BREAKING NEWSEXCLUSIVE

රාජ්‍ය පාලනයෙන් ඉවත් වුනත් දේශපාලනයෙන් ඉවත් වන්නේ නෑ… බැසිල් කියයි

බැසිල් රාජපක්ෂ මහතා සිය ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් අද(09) ඉල්ලා අස්වුනා.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී මාද්‍ය හමුවේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ රාජ්‍ය පාලනයෙන් ඉවත් වූවද ඉදිරි දේශපාලන කටයුතු අඛණ්ඩව සිදුකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අදාල සියලු කටයුතු සිදුකරන බවත්ය.

තමන්ට මුදල් ඇමති තනතුර භාර ගැනීමට අපේක්ෂාවක් නොවූ බවත්, තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කළ හැකි දෙය සිදුකළ බවත් ජනතාව බලාපොරොත්තු වූ සිදුකිරීමට නොහැකි බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කර සිටියා.

එමෙන්ම රටේ ඇතිවී තිබෙන ආර්ථික අවපාතයට තමන්ගේ වගකීමක් නොමැති බව පැවසූ බැසිල් රාජපක්ෂ, විදෙස් සංචිත පහතට වැටුණේ තමන් නිසා නොවන බවත් අද වන විට රටට තෙල් සහ පිටි ආදිය ලැබෙන්නේ තමන් ඉන්දියාවට ගොස් ඇතිකර ගත් ගිවිසුම් නිසා බවයි හිටපු මුදල් ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button