BREAKING NEWSEXCLUSIVE

බැසිල් රාජපක්ෂ මහතා නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ බැසිල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ කැබිනට් අමාත්‍ය්වරයෙක් ලෙස දිවුරුම් දී තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී.

ඒ අනුව ඔහු මුදල් හා ආර්ථික සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙසයි දිවුරුම් ලබා දුන්නේ.

මේ දක්වා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථීක ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ දිවුරුම්දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අද පෙරවරුවේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ජයන්ත කැටගොඩ මහතාගෙන් පුරප්පාඩු මන්ත්‍රීධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බැසිල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරමින් එය මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ අතර අනතුරුව එම කොමිසමේ ඒකමතික තීරණය අනුව බැසිල් රාජපක්ෂ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඊයේ දිනයේ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button