බැසිල්ගෙන් රට උඩු යටිකුරු කරවන වැඩසටහනකට සැලසුම්..

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දින 14ක කාලයක් සදහා නිරෝධායනය වෙමින් සිටි කාලසීමාව ඇතුළත බැසිල් රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය ධූරය බාරගැනීමෙන් පසු සිදු කිරීමට නියමිත විප්ලවීය වෙනස්කම් ඇතුළත් වැඩපිළිවෙළ සකස් කොට ඇති බව වාර්තා වේ..
ගෙවුන දින කිහිපයක කාලසීමාව ඇතුළත ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් මෙන්ම ඉහළ පෙළේ නිලධාරීන් රැසක්ද බැසිල් රාජපක්ෂ මහතා මුණගැසීම සදහා ෂැංග්‍රිලා හෝටලයට පැමිණ ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බැසිල් රාජපක්ෂ මහතා එම නිලධාරීන් සමග විශේෂ සාකච්ජා වට ගණනාවක්ම පවත්වා ඇති බව වාර්තා වේ.
මෙහිදී ජනතාවට සහන ලබා දිය හැති ආකාරයට ආර්ථිකය පවත්වාගෙන යන්නේ කෙසේද, ඉක්මණින් ලබා දිය හැකි සහන මොනවාද යන්න ඇතුළත් ආර්ථික වැඩපිළිවෙළක් මෙහිදී ඒ මහතා විසින් සකසා ඇති බවද වාර්තා වේ.
අමාත්‍ය ධූරය බාර ගත් වහා මෙම වැඩපිළිවෙළ දියත් කිරීමටද බැසිල් රාජපක්ෂ මහතා බලාපොරොත්තුවෙන් පසුවන බවද විශ්වාස දායක ආරංචි මාර්ග විසින් ලංකා මැග් පුවත් සේවයට වාර්තා කරයි.