BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

චෝදනා පදනම් විරහිතයි. – ලිත් නඩුවෙනුත් බැසිල් නිදොස් කොට නිදහස්..!

පසුගිය 2015 වසරේ ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කොට දිවි නැගුම දෙපාර්තමේන්තුවට රුපියල් දෙකෝටි අනූහතර ලක්ෂයක් පාඩු කල බවට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහි නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කලා.

අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසිනද උදෑසන එම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, එම නඩුවේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි පැමිණිල්ලේ චෝදනා ඔප්පු කිරීමට නොව ඒවා බැහැර කිරීමට හේතුවී ඇති බවයි.

එල්ල වූ චෝදනාවට අනුව ලිත් මුද්‍රණය කිරීම හා බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත් පටිපාටියකට අනුව සිදුවී ඇති බව සාක්ෂි මඟින් අනාවරණය වී ඇති බවත් ඒ සඳහා දැරූ වියදම් විසර්ජන පනතේ ප්‍රතිපාදනවලට අනුව භාණ්ඩාගාර අනුමැතියට යටත්ව සිදුකර ඇති බව සාක්ෂිවලින් අනාවරණය වී ඇති බවත් විනිසුරුවරයා විසින් ප්‍රකාශ කරනු ලැබුනා.

ඒ අනුව ඉදිරිපත් වූ සාක්ෂිවලින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බව තීන්දු කළ විනිසුරුවරයා ඒ අනුව විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවට තීන්දු කරනු ලැබුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button