
උරහිස් පෙදෙසේ ඇතිව තිබෙන අබාධ තත්ත්වයක් හේතුවෙන් එළඹෙන අප්‍රේල් මස 21 වනදා සිට ආරම්භ වන තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය සදහා බංග්ලාදේශ කඩුළු රකින ක්‍රිඩක මුෂ්ෆිකර් රහීම්ගේ සහභාගිත්වය අවිනිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වේ.
ඒ අනුව අයිපීඑල් තරඟාවලියට සහභාගී වන බැවින් මීට පෙර තරඟාවලියෙන් ඉවත් වූ තුන් ඉරියව් ක්‍රීඩක සකිබ් අල් හසන්ද ඇතුළුව, මුශ්ෆිකර් රහීම් සහ මුෂ්ටෆිසුර් රහුමාන් නොමැති බහුතර නවකයින්ගෙන් සැදුම්ලත් පිළක් ලෙස බංගලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරය සදහා එක්වනු ඇත.