BREAKING NEWSEXCLUSIVE

“ජනාකීර්ණ පෙදෙස් තහනම්” – මෙරට සේවය කරනා චීන කම්කරුවන්ට රජයෙන් නව නීති

නේවාසික වීසා යටතේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාපෘතිවල සේවයේ නියුතු චීන ජාතික කම්කරුවන්ට මාසයක පමණ කාලයක් පොදු ස්ථානවල ගැවසීමට හෝ ජනාකීර්ණ ස්ථානවලට යාමට ඉඩ නොදෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව එම ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දී තිබේ.

නේවාසික වීසා ලබාගත් චීන ජාතිකයින් 10,000 කට අධික පිරිසක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රවලට අයත් ව්‍යාපෘති 1800 ක පමණ සේවය කරන බවත් ඔවුන්ගෙන් 3,500 ක් පමණ දැනට සිය අවුරුදු සැමරීම සඳහා චීනයට පිටත්ව ගොස් ඇතැයිද ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

චීනයේ සිට ලෝකය පුරා පැතිර යන කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ආරක්ෂාව උදෙසා මෙම පියවර ගෙන ඇතැයිද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button