BREAKING NEWSEASTEXCLUSIVEINTERNATIONAL NEWS
බංග්ලාදේශයේ රෝහින්යා සරණාගත කඳවුරේ ගින්නක් – පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් 550කට තුවාල

බංග්ලාදේශයේ රෝහින්යා සරණාගතයන් රඳවා සිටි කඳවුරක ඇතිවු මහා ගින්නකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් 550 වැඩි පිරිසක් තුවාල ලබා 400 කට වැඩි පිරිසක් අතුරුදහන් වි ඇති බව එක්සත් ජාතින්ගේ සරණාගත එජන්සිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබනවා.
සිද්ධියෙන් තාවකාලික නිවාස 17,000 වැඩි ප්‍රමාණයක් විනාශ වි ඇති බවත් දසදහස් ගණනක් අවතැන් වි ඇති බවත් එරට රතු කුරුස සංවිධානය ද උපුටා දක්වමින් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.