BREAKING NEWSEXCLUSIVE

බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ “නව ගුවන් යානා නැවතුම් අංගනය” අගමැති සුරතින් විවෘත වේ…

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම තුළින් ශ්‍රී ලංකාව ගුවන් ගමන් ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ පියවරක් සනිටුවහන් කරමින් බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදි වූ “නව ගුවන් යානා නැවතුම් අංගනය” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් අද දින (25) විවෘත කරනු ලැබුවා.

ජපන් ශ්‍රි ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන මෙම ව්‍යාපෘතිය සදහා වැය කර ඇති සම්පූර්ණ මුදල රුපියල් බිලියන 6.1 ක්. නව නැවතුම් අංගනය හරහා තවත් ගුවන් යානා විසිතුනක් (23) නැවැත්වීමට ඉඩ පහසුකම් විවර වන අතර එවිට බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සතු ගුවන් යානා නැවතුම් මුළු ධාරිතාව හතලිස් නවයකටත් (49) අධික ලෙස පුළුල් වනු ඇත.

මේ සමගම ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය ‍යළි සවිබලගැන්වීමේ අවස්ථාවන්ද පුළුල් කරනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button