BREAKING NEWSPOLITICS

බදුර්දීන් සහ ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාස්කු ප්‍රහාරයේ ඝාතයින්ට ආධාර අනුබලදීම සහ ඔවුන් සමග සමීප සබඳතා පැවැත්වීම හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ඔවුන් අද (24) අළුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

රිශාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගනු ලැබුවේ බෞද්ධාලෝක මාවතේ පිහිටි ඔහුගේ නිවසේදී වන් අතර රියාජ් වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබු බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කලා.

මේ වන විට ඔවුන්ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටින බවට අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button