GOSSIP NEWSVIRAL NEWS
එජාපයේ මැතිවරණ කැම්පේන් මෙහෙය වූ බී.බී.සි අසාම් අමීන්ගේ වැඩ තහනම් ?

එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් සඳහා සම්බන්ධ වී කටයුතු කළ බී.බී.සි මාධ්‍යවේදි අසාම් අමීන් තාවකාලිකව වැඩ තහනමකට ලක් කිරීමට බී.බී.සි ආයතන පාලනාධිකාරිය තීරණය කර තිබෙනා බව වාර්තා වේ.
ඒ දේශපාලකයන් සමග සෘජු ගණුදෙනු කිරීම බී.බී.සි ආයතනයේ විනය නීති උල්ලංඝණය කිරීමක් වීම හේතුවෙනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ තවත් හඬපටයක් ඊයේ දින නිකුත් වූ අතර එහිදී දැක්වුනේ ඔහු බී.බී.සි මාධ්‍යවේදි අසාම් අමීන් සමග සිදු කරන දුරකථන සංවාදයක හඬපටයකි.