GOSSIP NEWSVIRAL NEWS
බී.බී.සීය ස්වාධීන රෙද්ද රැක ගැනීමේ සටනක – රැකියාවෙන් දොට්ට දැමූ අසාම් අමීන් සිරසට

එක්සත් ජාතික පක්ෂය සමග පැවැත්වූ සෘජු සම්බන්ධය හෙළිවීම නිසා බීබීසී මාධ්‍ය ජාලයේ ශ්‍රී ලංකා වාර්තාකරු අසාම් අමීන් සේවයෙන් ඉවත් කර තිබේ.
ඒ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමගින් සිදු කරන ලද දුරකතන සංවාදයක් ප්‍රසිද්ධ වීම හේතුවෙන් මෙතෙක් බී.බි.සීය සඟවාගෙන සිටි දේශපාලන සබදතා ජනතාවට හෙළිවීම හේතුවෙනි.
අදාළ දුරකථන සංවාදයේදී අසාම් අමීන් ජනාධිපතිවරණ අපේක්ෂකයකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කරවීම සඳහා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කරයි.
එය හෙළිදරව් වීමත් සමඟ බීබීසී කොළඹ වාර්තාකරුගේ ස්වාධීන බව සම්බන්ධයෙන් සමාජ ජාලා තුළ දැඩි ලෙස ප්‍රශ්න කරන්නට විය.
මෙලෙසට බී.බී.සි ආයතනයෙන් ඉවත් කළ අසාම් අමීන් බඳවා ගැනීමට කිලී මහාරාජාගේ සිරස ආයතනය කටයුතු කර තිබේ.