BREAKING NEWSEXCLUSIVE
අසර්බයිජානයේදි මියගිය ලාංකික සිසුවියන් තිදෙනාගේ නිසල දේහ කටුනායකට (PHOTOS)

අසර්බයිජානයේදී මියගිය ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනාගේ මෘත දේහයන් දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඒ ශ්‍රී ලංකා රජයේ වියදමෙන්.
අසර්බයිජානයේ බාකු අගනුවර කැස්ෆියන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි මෙම ශිෂ්‍යාවන් තිදෙනා විස දුමක් ආඝ්‍රහණය වීමෙන් පසුගිය නව වැනිදා ජිවිත්ක්ෂයට පත්වුණා.
එම ශිෂ්‍යාවන් නැවතී සිටි නේවාසිකාගාරයේ පහත මාලයේ හටගත් ගින්නක දුම ආඝ්‍රහණය වීමෙන් වූ අසාමිකතාවක් මත අදාළ ශිෂ්‍යාවන් තිදෙනා රෝහල් ගතකර තිබූ බවත්, එහිදී ඔවුන් මියගොස් තිබෙන බවද වාර්තා වුණා.
පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ පදිංචි මල්ෂා සංදීපනී (23) හා තාරුකී අමායා (21) සහ කඩුවෙල, පහළ බෝමිරියේ පදිංචි අමෝද්‍යා මධුහංසි (24) යන සිසුවියන් තිදෙනා මේ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අතර ඔවුන්ගෙන් දෙදෙනකු එකම පවුලේ සොහොයුරියන් වනවා.