BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

කොරෝනා රෝගීන් සදහා රට පුරා ආයුර්වේද රෝහල්ද සූදානමින්.

රට පුරා කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ආසාදිත රෝගීන් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස නාවින්න, බොරැල්ල හා පල්ලේකැලේ ආයුර්වේද රෝහල් මේවන විට සූදානම් කෙරෙමින් පවතිනවා.

නමුත්, ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මෙම රෝහල් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර ඒකක ලෙස නොව, ආයුර්වේද ප්‍රතිකාර සිදුකරන මධ්‍යස්ථාන ලෙස භාවිත කළ යුතු බවය. විශාල වශයෙන් අලුතින් එක්වන කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඔවුන්ව ආයුර්වේද රෝහල්වලට ඇතුළත් කිරීමට කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගිය (02) වනදා අවසර ලබාදුන්නාය.

නාවින්න ආයුර්වේද රෝහල් යුද හමුදාවේ ද සහාය අතරමැදි ප්‍රතිකාර ඒකකයක් ලෙස සකස් කෙරෙන අතර, එහි කොවිඩ් ආසාදිතයින් 100කට එකවර ප්‍රතිකාර කිරීමට හැකියි.බොරැල්ලේ පිහිටි ආයුර්වේද රෝහලද කොවිඩ් රෝගීන් ඇතුළත් කර ගැනීම සඳහා මේ වනවිට සූදානම් කෙරෙමින් පවතිනවා.

මහනුවර පල්ලේකැලේ ආයුර්වේද රෝහලේ එක් කොටසක මේ වන විටත් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සිදුකෙරෙන අතර, එම රෝහලේ තවත් ගොඩනැගිල්ලක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් ලෙස සකස් කෙරෙන ආකාරය අද දක්නට ලැබුණා.

නැගෙනහිර පළාතේ ආයුර්වේද රෝහල්ද වහාම ක්‍රියාත්මක වන පරිදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත්කරන ලෙස පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පසුගිය 05 වැනිදා පළාත් ආයුර්වේද කොමසාරිස්වරයාට නියෝග කළ අතර, කෙසේ වෙතත් මෙම ආයුර්වේද රෝහල් කොවිඩ් රෝගීන් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස නොව, ආයුර්වේද ප්‍රතිකාර සිදුකරන මධ්‍යස්ථාන ලෙස භාවිත කළ යුතු බව ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button