BREAKING NEWSEXCLUSIVE

ඉතිහාසයේ දැවැන්තම ජය මවුබිමට ගෙන ආ පුහුණුකරු බලධාරීන් ගැන කලකිරී මවුබිම හැර යයි

ඉතිහාසයේ කබඩි ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට අත් කර දුන් ඉහළම ජයග්‍රහණය ඉකුත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කබඩි පිරිමි ඉසව්වේ රිදී පදක්කම දිනාදෙමින් අත් කරගත් ජාතික කබඩි පුහුණුකරු කපිල බණ්ඩාර ක්‍රීඩා ක්ෂේත්‍රය ගැන ඇතිවූ කලකිරීමක් මත ඉකුත්දා රට හැරගොස් ඇතැයි වාර්තා වේ.

ඔහු පවුලේ සාමාජිකයන්ද සමගින් රටින් බැහැරව ඇති අතර එසේ යෑමට ප්‍රථම ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් තමන්ට ක්ෂේත්‍රයේ විඳගැනීමට සිදුවූ ගැහැට පිළිබඳ දීර්ඝ විස්තරයක් සිදුකර තිබෙනවා.

අදාළ ලිපියේදී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ සහ කබඩි සංගමයේ නිළධාරීන් ඇතුළු කබඩි ක්ෂේත්‍රයේ බලධාරීන්ගේ ක්‍රියාකලාපයන් දැඩි දෝෂ දර්ශනයට ලක්කර ඇති බවත් වාර්තා වේ.

වසර 12ක් ශ්‍රී ලංකා ජාතික කබඩි කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයකු සහ එම කණ්ඩායමේ නායකත්වයද දරා ඇති කපිල බණ්ඩාර පුහුණුකරුවකු ලෙසත්, ක්‍රීඩා විද්‍යායතනයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසත් ක්‍රීඩා නිලධාරියකු ලෙසත් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට දායක වූවෙකි.

කබඩි ක්‍රීඩාවේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි ප්‍රථම ස්ථාන තුනේ බොහෝ විට වැජබෙන ඉන්දියාව, සහ පාකිස්තානය ක්‍රීඩා කළ තරගාවලියක අවම පහසුකම් මැද රිදී පදක්කමක් ගෙන ඒමට කණ්ඩායම මෙහෙයවූවේ කපිල බණ්ඩාර විසිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button