BREAKING NEWSEXCLUSIVEUncategorized

කොවිඩ් පාලනයදී අසත්‍ය ප්‍රචාර බාධා බව ශ්‍රී ලංකා දී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කියා සිටියා

සාර්ථක එන්නත්කරණය හා නිසිලෙස කොවිඩ් පාලනය කරමින් තිබියදී සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාර එම වැඩපිළිවෙලට බාධාවක් බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු  මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි පවසනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී මහ කොමසාරිස්වරයා කියා සිටියේ එම තත්ත්වය ශ්‍රී ලංකාවේ මෙන්ම ඔස්ට්‍ර්ලියාවේද පවතින බවයි.

එවැනි තත්ත්වයන් හේතුවෙන් ගෝලීය ව්‍යවසනයට මුහුණ දීමේදී යම් යම් බධාවන් එල්ල වන බවද ඔහු සදහන් කර තිබෙනවා.

මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා සාර්ථකව සිදු කෙරෙන බවත් ඒ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පිරිනැමෙන බවත් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා එම සාකච්ඡවේදී සදහන් කළා.

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය හා කොවිඩ් පාලනය වෙනුවෙන් ලැබෙන ජාත්‍යන්තර සහයෝගය දැඩිව අගය කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එහිදී ප්‍රකාශ කළේ.

ඒ සඳහා ඕස්ට්‍රේලියාවේ සහාය තවදුරටත් අපේක්ෂා කරන බවද සෙඛ්‍ය අමාත්‍යවරයා එහිදී සදහන් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button