CRICKETSPORTS

IPL ගිය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට නැවත සියරට යාමට බාධා – ලංකාවට හෝ මාලදිවයිනට ගෙනයාමට සැළසුමක්

කොවිඩ් වෛරසය හේතුවෙන් අහ්හිටුවනු ලැබූ IPL තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයින් මාලදිවයිනට හෝ ශ්‍රී ලංකාවට ගෙන යාමේ අදහසක් පවතින බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සභාපති නික් හොක්ලි පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම තරගාවලියට සම්බන්ධ වුණු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, විස්තර විචාරකයින් ඇතුළු 38 දෙනෙකුගේ කණ්ඩාමක් මෙලෙස මාලදිවයිනට හෝ ශ්‍රී ලංකාවට රැගෙන යාමට ඉන්දීය ක්‍රිකට් පරිපාලනය කටයුතු කරුණු ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඕස්ට්‍රේලියාව මැයි 15 වනදා දක්වා ඉන්දියාවේ සංචාරකයින් තහනම් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය සනාථ කළේ IPL කණ්ඩායමේ එක් පුහුණුකරුවෙකු වන හිටපු ඕස්ට්‍රේලියානු පිතිකරු මයික් හසී, COVID-19 සඳහා ධනාත්මක පරීක්ෂණයක් කර ඇති බවයි.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් ගෙදර ගෙන ඒම සඳහා ප්‍රඥප්තියක් සහිතව ගුවන් යානයක් සකස් කිරීමට ඉන්දීය ක්‍රිකට් පරිපාලනය කැපවී සිටින බව හොක්ලි මහතා පැවසුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button