මීගමුවේ සංගීත සංදර්ශනයකට බෝම්බ ප්රහාරයක් එල්ල කිරීමේ උත්සහයක් – සම්පුර්ණ විස්තරය මෙන්න

සංගීත සංදර්ශනයක් පැවති අවස්ථාවකදී පුද්ගලයෙකුට බෝම්බගසා මිනීමැරීමට තැත්කිරීමේ අධිචෝදනාවට වරද පිළිගත් විත්තිකරුවන් තිදෙදෙනකුට මිගමුව පළාත්බද මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් වසර පහකට අත්හිටවූ බරපතල වැඩසහිත වසර දෙකක බැගින් සිරදඩුවමක් සහ රුපියල් 7500 බැගින් දඩ නියම කළේය.
මෙයට අමතරව තුවාල ලැබූ පැමිණිලිකරුට රුපියල් 75000 බැගින් රුපියල් 225000 ක වන්දි මුදලක් ගෙවීමටද විත්තිකරුවන්ට අධිකරණය තවදුරටත් නියෝග කළේය.
මෙහි විත්තිකරුවන් වුයේ කදාන පොල්පිති මුකලානේ පදිංචි කරුවන් තිදෙනෙකි 2012 ජුනි මස 22 දින කටානේ පොල්පිති මුකලානේ පැවති සංගීත සංදර්ශනයකදී පැමිණිලි කරුට බෝම්බයකින් පහරදී ඔහු ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලබාසිටි විත්ති කරුවන් වරද පිළිගනු ලැබීය.
රජයේ අධිනීතිඥ මලික් අසීස් මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර කදාන පොලිසියේ සැරයන් 6296 හේවාවිතාරණ මහතා පැමිණිල්ලට සහය විය.