BREAKING NEWS
Lockdown කළ අටලුගමේ සිට, බොල්ගොඩ ගඟ හරහා ගම්වාසීන් පැන යයි – එම “මෝඩ මිනිසුන්” අල්ලන්න පොලිසියෙන් විශේෂ බෝට්ටු මෙහෙයුමක්

අටලුගම ප්රදේශයෙන් කොරෝනා රෝගීන් 5 දෙනෙකු හමුවීමත් සමඟ ග්රාම සේවා වසම් 7 ක් හුදෙකලා ප්රදේශ බවට පත් කෙරුණා.
අද දිනයේ එහි ප්රධාන මාර්ග සියල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ මූලිකත්වයෙන් විෂබීජහරණයට ලක් කෙරුණා. එමෙන්ම ප්රදේශයේ ජංගම ATM යන්ත්ර සේවාවක් ද ආරම්භ කෙරුණා.
මේ අතර අටලුගම ගම්වාසීන් බොල්ගොඩ ගඟ හරහා හොර රහසේ අනෙකුත් ගම්මානවලට ඇතුලු වන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව එවැනි ක්රියා මැඩලීම සඳහා බණ්ඩාරගම පොලීසිය හා පොලිස් නාවුක කොට්ඨාසය ඒකාබද්ධව බෝට්ටු සේවාවක් අද ආරම්භ කළා. මෙම බෝට්ටු සේවාව මඟින් බොල්ගොඩ ගඟට මායිම්ව පිහිටි අටලුගම හා කිම්මන්තුඩාව ගම්මාන ආවරණය කෙරෙනවා.