BREAKING NEWSEXCLUSIVE

ලක්ෂ 100කට කොවිඩ් මර්දන එන්නතෙහි එක් මාත්‍රාවක් හෝ ලබා දී අවසන්..

මේ වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ගෙන් ලක්ෂ 100කට කොවිඩ් මර්දන එන්නතෙහි එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

අනුරාධපුරයේ පැවති උත්සවයකදී යි අමාත්‍යවරයා මේ බව පැවසුවේ.

“අද වෙනකොට ලංකාවේ අවුරුදු 30ට වැඩි ජනගහනය ලක්ෂ 115යි. ඒ ලක්ෂ 115න් මේ වන විට ලක්ෂ 100කට කොවිඩ් 19 එන්නත් දීලා තියෙනවා. ඒ අනුව අපිට තව ලක්ෂ 15ක් ඉතුරුවෙලා තියෙනවා අවුරුදු 30 වැඩි පිරිස. ජනාධිපතිවරයා අපිට දීපු අභියෝගය තමා අගෝස්තු මාසය අවසන් වන විට අවුරුදු 30 වැඩි සියලුදෙනාට එන්නත්කරණය නිමා කරන්න කියලා. නමුත් අපේ රටේ සෞඛ්‍ය සේවකයිගේ, ඒ වගේම ආරක්ෂක අංශයේ සහයෝගයෙන් ඒ දීපු ඉලක්කය, ඒ දීපු දිනෙටත් කලින් කරන්න අපට පුළුවන්කම ලැබෙනවා. මේ 30ට වැඩි කාණ්ඩය ඉවරවුණ ගමන් අවුරුදු 18 – 30 අතර කාණ්ඩයට එන්නත්කරණය ලබාදීම ආරම්භ කරනවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button