BREAKING NEWSEXCLUSIVE

“ආසියාවේ ලොකුම ඩ්‍රෝන පරීක්ෂණ ආයතනය ශ්‍රී ලංකාවේ” රටේම අනාගතය වෙනස් කරන වැඩක් නාමල්ගෙන්!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව ආසියාවේ විශාලතම Tech Park වැඩසටහන ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මෑතකදි ඩිජිටල් රාජ්‍ය අමාත්‍යංශයේ වගකීම් භාර ගත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අදාල ව්‍යාපෘතිය මෙහෙයවයි.

මේ අනුව දිගන, කුරුණෑගල, ගාල්ල, නුවර එළිය ප්‍රදේශයන්ගේ සහ උතුරු හෝ නැගෙනහිර පළාතේ තෝරාගත් ස්ථානයක් ඇතුලුව ප්‍රදේශ පහක මෙරට Tech Park පහක් ඉදිකිරීමට නියමිතය.

මෙම Tech Park යනූ පරීක්ෂණ ආයතන වන අතර ලොව නවීනතම තාක්ෂණය, සියලූම පහසුකම් සහ අරමුදල් මේ ව්‍යාපෘතිය මගින් මෙරට දරු දැරියන්ට හිමි වේ.

ශ්‍රී ලංකාව මෙතෙක් පැවතියේ ලොව අඩුම පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු කෙරෙන රටක් ලෙසටය. එම හිස්තැන වසා දමා, නවීන තාක්ෂණය සමග මෙරට සමගාමී කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවත් සඳහන්.

එක් Tech Park ව්‍යාපෘතියක් මගින් රැකියා පන්දහසක් පමණ උත්පාදනය වන අතර ශ්‍රී ලංකාවේදීම නවීන තාක්ෂණීක පරික්ෂණ සිදු කිරීම සඳහා සියලූම පහසුකම් මෙමගින් ලබා දේ.

දිගන ඉදිවන්නේ ඩ්‍රෝන සම්බන්ධ පරීක්ෂණ ආයතනයකි. එය ආසියාවේ විශාලතම ඩ්‍රෝන පරීක්ෂණ ආයතනයයි. මේ අනුව නවීනතම ඩ්‍රෝන ශ්‍රී ලංකාවේම නිපදවීමටත්, එයට අදාල තාක්ෂණය මෙරට නව පරපුරට ලබා දීමත් අරමුණයි.

විදෙස් රටවලින් ඖෂධ ආනයනය වෙනුවෙන් වෙන් කෙරෙන ඩොලර් බිලියන ගණනක මුදල් ඉතිරි කිරීම සඳහා කුරුණෑගල ඉදිවන්නේ සෞඛ්‍ය පරීක්ෂණ ආයතනයකි. මෙමගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලූම පරීක්ෂණ මෙරටදීම සිදු කිරීමට නියමිතය.

මෙම Tech Park සඳහා මෙරට සිසු දරුවන්, තරුණ තරුණියන්ට සහභාගී වී දැනුම ලබා ගැනීම මෙමගින් හැකිවේ. තවද සිය පරීක්ෂණ සිදු කිරීමට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියටද මෙමගින් පහසුකම් සැපයෙනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button