BREAKING NEWSEXCLUSIVE

එන්නත් පිළිබඳ අසත්‍ය ප්‍රකාශයන් සිදු කළ අසේල සම්පත් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ ඇස්‍රාසෙනෙකා එන්නත් පිළිබඳව සිදු කළ අසත්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා ඊයේ (25) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පිළියන්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මේ වන විට ඔහු අපරාධ ප රීක්ෂණ දෙපාර්තමේන්තුවට ⁣⁣⁣රැගෙනවිත් ඇති අතර ඔහු අද දින අධිකරණයට යොමු කිරීමට නියමිත බවත්ය.

ඇස්‍රාසෙනෙකා එන්නත් මෙරටට⁣ ගෙන්වා ඒවාට යම් ද්‍රව්‍ය මිශ්‍ර කර ජනතාවට එන්නත් කිරීමට ලබා දෙන බවට අසේල් සම්පත් සිදු කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව වෙත පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

ඒ අනුව, එම පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අනුව, මෙලෙස ඊයේ රාත්‍රියේදී අසේල සම්පත් පිළියන්දල, පැලන්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

තව ද අදාළ පුද්ගලයා එන්නත් සම්බන්ධයෙන් මීට පෙර සමාජ මාධ්‍ය සහ යූටියුබ් ඔස්සේ සිදු කර ඇති ප්‍රකාශ සහ ඒවාට ජනතාව යොමු කර ඇති අදහස් සියල්ල අධ්‍යයනය කර ඉදිරියේදී නිරෝධායන සහ රෝග පැතිරීමේ ආඥා පනත මෙන් ම දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මේ අතර, අසේල සම්පත් මහතාගේ දියණිය ඊයේ රාත්‍රියේ ෆේස්බුක් ඔස්සේ ප්‍රකාශ කළේ, තම පියාට පහරදී “පැහැරගෙන” ගිය බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button