BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICSWEST

බොහෝ රටවල් ඇෆ්ගනිස්තානය හැර යද්දී, චීනය සහ රුසියාව සඹදතා ගොඩනංවා ගැනීම අරඹයි..

ඇෆ්ගනිස්තානය සමග සබදතා ගොඩ නගා ගැනීමට තමන් සූදානම් බව චීනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. රුසියාවද තම තානාපති කාර්‍යාලය කාබුල්වලින් ඉවත් කර ගැනීම ගැන තවමත් අදහස් දක්වා නැහැ.

චීනය තලේබාන් සටන්කාමීන්, ඇෆ්ගනිස්ථානය මුළුමනින්ම අත්පත්කර ගැනීමෙන් පසුව චීනය සෘජුවම සඹදතාවලට යන බව ප්‍රකාශ කර තිබූ අතර, ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානය හැර යාමත් සමගම, තලේබාන් සංවිධානය සමග නිළ නොවන සබදතා තහවුරු කර ගැනීමට චීන රජය උත්සාහ දරා තිබුණ බව වාර්තා වුනා.

චීනය, ඇෆ්ගනිස්ථානය සමග, සැතපුම් 47 ක දේශ සීමාවක් බෙදා ගන්නා බවට විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කරමින් සිටිනවා, ඒ අනුව ඇෆ්ගනිස්ථාන සහ චීන දේශ සීමා ආසන්නයේ චීනයට අයත් ෂිංජියෑන. ප්‍රාන්ත  පිහිටා ඇති අතර, එහි උයිගර් යන නමින් හදුන්වන බෙදුම්වාදීන් – චීනයට එරෙහිව ක්‍රියාත්මක  වෙමින් සිටිනවා.

උයිගර් බෙදුම්වාදීන්ගේ ක්‍රියාකාරකම් සදහා ඇෆ්ගනිස්ථානය තෝතැන්නක් වනු ඇතැයි චීනය බියෙන් පසු වන අතර, චීනයට එරෙහි බෙදුම්වාදීන්ට සිය රට තුළ සිට ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙන බව, තලේබාන් සන්විධානය, චීන විදේශ අමාත්‍යවරයාට පොරොන්දු වී තිබෙන බවත් විදෙස් වාර්තා සදහන් කරනවා.

චීනය සිය ස්ථාවරය සෘජුවැ පවසා ඇති අතර රුසියාව තවම නිශ්චිත වචයෙන් තම ස්ථාවරය ප්‍රකාශයට පත් කර නැහැ.බොහෝ විදෙස් වාර්තා සදහන් කරන්නෙස් මේ අවස්ථාවේදී රුසියාවත් චීනයත් එකට සිට ගැනීමේ වැඩි ඉඩකඩක් ඇති බවයි.

ඊට ප්‍රති උපකාර ලෙස, ඇෆ්ගනිස්ථානය ගොඩ නැගීමට අවශ්‍ය ආර්ථික ආධාර සහ ආයෝජන ලබා දීමට චීනය පොරොන්දු වී තිබෙන අතර, කාබුල් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඇතුළු බොහෝ තානාපති කාර්යාල මේ වනවිට වසා දමා ඇතත්, චීන සහ රුසියානු තානාපති කාර්යාලය තවමත්  ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button