ARTICLESNEWSPAPER COLUMNS

දීර්ඝ ආයුෂ ලබන්න රතු මිදි පොත්තත් එක්කම ආහාරයට ගන්න

මිදි කියන්නේ ඉහළම පෝෂණ ගුණාංග රාශියකින් සමන්විත රෝගී පුද්ගලයෙකුගේ ශරීර ශක්තිය ඉක්මනින් ලබාදෙන සුපිරි පලතුරක් ලෙස ලෝකය පුරාම ප‍්‍රසිද්ධයි.

බාල, තරුණ, වැඩිහිටි, මහලූ කුමන වයසේ පසුවන කෙනෙකුු වුණත් මිදි කෑමට දැඩි ගිජු බවක් දක්වයි. පැහැය අනුව කලූපාට හා ළා රතු පාට හා ළා දම්පැහැයට හුරු මිදි හා ළා කොළ පාට වශයෙන් මිදි වර්ග කීපයක් වෙළඳපොළේ දකින්න පුළුවන්.

අපේ රටේ, නුවරඑළිය, බණ්ඩාරවෙල, වැලිමඩ, බදුල්ලේ සමහර ප‍්‍රදේශ හා හපුතලේ වැනි ශීත දේශගුණික ප‍්‍රදේශවල වගේම ශුෂ්ක දේශගුණයක් සහිත යාපනයේ මිදි වගාව තරමක් සරුවට සිදුකෙරුණත් දේශීය පරිභෝජනය සඳහා ඒවා නිෂ්පාදනය ප‍්‍රමාණවත් නොවන නිසාම වෙළඳපොළේ වැඩිපුර දකින්නට ලැබෙන්නේ විදේශ රටවලින් ආනයනය කළ මිදි වර්ගයි.

දේශීය මිදිවලට රසායන ද්‍රව්‍ය මිශ‍්‍ර කිරීම අවම නිිසා ඒවා ස්වාභාවික රසයෙන් ඉතාම ඉහළයි. මේ නිසාම අපේ රටේ නිපදවන මිදිවලට තිබෙන්නේ විශාල ඉල්ලූමක්. මේ අවම නිෂ්පාදනයත් ඉහළ ඉල්ලූමත් නිසාම පාරිභෝගිකයන් කැමති ළා කොළ පාට මිදි ආහාරයට ගන්නයි.

සමහරු කුඩා ගෙඩි වශයෙන් තිබෙන කලූ පැහැ තද දම්පාට මිදි ආහාරයට ගන්න කැමතියි. රතු සහ ළා දම් පැහැය මිශ‍්‍ර මදක් ලොකු ගෙඩි සහිත ‘‘රතු මිදි’’ ග්‍රෑම් 100 කට ඉතා අඩු ගෙඩි ප‍්‍රමාණයක් අල්ලන බැවින් රතු මිදිවලට තිබෙන්නේ මදක් අඩු ඉල්ලූමක්.

ඒත් ඔබ දන්නවාද වඩාත් ගුණදායක මිදි වර්ගය මේ රතු මිදි වර්ගය බව. ඒ වගේම කිවයුතු තවත් විශේෂ කාරණයක් තමයි මිදි ආහාරයට ගැනීමේදී බොහෝ දෙනෙක් මිදි ගෙඩිය වටා තිබෙන සියුම් පොත්ත අවසානයේ දී ‘‘හපයක්’’ ලෙස මුවින් එළියට විසිකිරීම පුරුද්දක් ලෙස කරන අය අප අතර සිටින බවත් තවත් සමහරු මිදි ගෙඩිය මුව තුළට දාගන්න කලින්ම එහි සියුම් පොත්ත හීන්සීරුවේ ඉවත් කර ආහාරයට ගන්න හුරුවී තිබෙනවා.

ඔබ දන්නවාද මේ පිළිවෙත් දෙකම ඉතාම වැරදි බව. මිදි ආහාරයට ගැනීමේ නිසි පිළිවෙළ වන්නේ පිරිසිදු ජලයෙන් මිදි ගෙඩි හොඳින් සෝදා ඒවා ටිෂු කඩදාසියකින් පිස පොත්තද සමග ආහාරයට ගැනීම බව ඔබ අනිවාර්යෙන්ම දැන සිටිය යුතු තත්ත්වයකි.

ඔබ දන්නවාද ඔබ මිදි නිතර ආහාරයට ගන්නවා නම් රතු පැහැයෙන් ඇති මිදි ආහාරයට ගැනීම වඩාත් ඔබට වාසිදායක වන බව.

පර්යේෂණවලට අනුව කෙනෙකුගේ වයස්ගත වීම ප‍්‍රමාද කරන ස්වාභාවික ප‍්‍රබල සංයෝගයක් වන Resveratrol නම් සංයෝගය රතු මිදි ගෙඩිවල පොත්තේ අන්තර්ගත වන බව valdex ඇතුළු පර්යේෂණ කණ්ඩායම් විසින් සොයාගනු ලැබුවා.

දිනපතා රතු මිදි ගෙඩි 5-10 පමණ කන අයත් දිනකට වරක් රතු මිදි යුෂ වීදුරුවක් (සීනි නෙදැමූ) පානය කරන අයත් එසේ නොකරන අයට සාපේක්‍ෂව දිගු ආයුෂ ලබන බව මහාචාර්ය valdex ස්ථිරවම ප‍්‍රකාශ කරයි.

රතු මිදි පොත්තේ අන්තර්ගත Resveratrol නම් සංයෝගය මිනිස් සිරුරේ පේෂි ශක්තිමත් කිරීමටත් DNA අණු අලූත්වැඩියා කිරීමටත් ප‍්‍රබල දායකත්වයක් සැපයීම මීට හේතුවයි.

මිදි ගෙඩිවල පොත්තේ මෙන්ම රාස්බෙරි, හා බ්ලූ බෙරි වල පොත්තේද මෙම අනගි පිනොලික සංයෝගය බහුලව අඩංගු වන බවද මහාචාර්යවරයා ප‍්‍රකාශ කරයි.

පලතුරක් ලෙස මිදි වලට වැඩි පි‍්‍රයතාවක් දක්වන අයට මෙන්ම කිසිදු දැනුමකින් තොරව වෙළඳපොළෙන් මිදි මිලදී ගන්නන්ටත්, මෙතෙක් කල් මිදි කෑමට එතරම් පි‍්‍රයතාවක් නොදැක්වූ අයටත් නිසැකවම මේ තොරතුරු ඉතාම වැදගත් හෙළිදරව්වක් වන බව නිසැකය.

ඉරිදා දිවයින

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button