BREAKING NEWSEXCLUSIVE

විශ්‍රාම වැටුප් ගන්න යන්න හමුදාවේ සහය..

එළබෙන ජූනි මස 10 සහ 11 වැනිදා විශ්‍රාම වැටුප් ලබා දීම සිදුකළ යුතු නිසාවෙන් ඒ සඳහා යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව අදාළ විශ්‍රාම වැටුප් හිමි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පහසුකම් සැපයීමට යොදවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් උපදෙස්වලට අනුව ක්‍රියාකරන බව යුද්ධ හමුදාධිපති කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්වරුන්ගේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව මැදිහත් වී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ යොදාගනිමින් විශ්‍රාම වැටුප් ලාභීන්ට පහසුකම් ලබන 10 සහ 11 දින සපයන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කලේය.

මේ වනතෙක් හුදෙකලා කළ ග්‍රාමසේවා වසම්වලින් ග්‍රාම සේවා වසම් 77ක හුදෙකලාභාවය ඉවත්කළද එම ප්‍රදේශවල ජනතාවට සංචරණය සඳහා අවසර හිමිනොවන බවත් ඊට හේතුව වන්නේ එම ප්‍රදේශවල කොවිඩ් වෛරසය පැතිරීමේ අවදානමක් තවදුරටත් පැවතීම මෙන්ම සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මකවීම බවද ප්‍රකාශ කල යුද්ධ හමුදාධිපතිතුමන් , අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීමේදී ඒ වෙනුවෙන් අත්‍යවශ්‍යය පුද්ගලයින් කොළඹට පැමිණිය යුතු නිසා ඔවුන් පුද්ගලික ප්‍රවාහන මාධ්‍ය භාවිත කිරීමේ ගැටළුවක් නොමැති බවත් ප්‍රකාශ කලා.

තවද, මේ වන විට දින 23කට ආසන්න කාලයන් සංචරණ සීමා පනවා තිබුණද අත්‍යවශ්‍ය සේවා සඳහාත් අත්‍යවශ්‍ය රාජකාරි සඳහාත් ප්‍රවාහන බලපත්‍ර ලබා දී තිබෙන්නේ සංචරණ සීමා පැනවූ කාලසීමාවේ දී මහජනතාවට ගැටළුවක් ඇති නොවී පහසුකම් සැපයීමට රජය කටයුතු කරන නිසා බවද හමුදාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කලා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button