GOSSIP NEWSVIRAL NEWS

ඇමෙරිකානු විරෝධය නොතකා හමුදාපති ශවේන්ද්‍රට ජනපතිගෙන් සේවා දිගුවක්.!

මේ මස 21 වැනිදා විශ්‍රාම යෑමට නියමිතව සිටින යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට තවත් වසරක සේවා දිගුවක් ලබා දීමට තීරණය කර තිබේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය ලබා ගෙන තිබේ.

එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් යුධ අපරාධ චෝදනා එල්ල කර තිබෙන ශවේන්ද්‍ර සිල්වා යුධ සමයේ 58 සේනාංකය මෙහෙයවා ජයග්‍රහණ රැසක් ලබා ගත්තෙකි.

ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා ලෙස පත් කිරීමට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ඇතුලු විදේශීය රටවල් ගණනාවක් විරෝධය පළ කර තිබුණි.

එමෙන්ම යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේටද මාස හයක සේවා දිගුවක් ජනාධිපතිවරයා විසින් ලබා දී ඇත. ඔහු ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබුණේ දෙසැම්බර් මස 31 වැනිදායි.ඇමෙරිකානු විරෝධය නොතකා හමුදාපති ශවේන්ද්‍රට ජනපතිගෙන් සේවා දිගුවක්.!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button