BREAKING NEWSEXCLUSIVE

පවතින සංචරණ සීමා තවත් දීර්ඝ වනවාද?

දැනට පවතින සංචරණ සීමා දීර්ඝ කිරීමට මේ මොහොතේදී තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටිනවා.

අද (07) උදෑසන රූපවාහිනි වැඩසටහනක් සමග සම්බන්ධවෙමිනුයි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ බව සදහන් කලේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා,

“සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කළ යුතුයි කියලා නිර්දේශයක් අද උදෑසන වනවිටත් අපි වෙත ලැබිලා නෑ. ඒ වගේම ජනාධිපතිතුමාටවත් කාර්ය සාධක බළකාය වෙතවත් එවැනි නිර්දේශයක් ඇවිල්ලා නෑ. සාමාන්‍යයෙන් එහෙම තත්ත්වයක් තියෙනවා නම් මේ වෙද්දි දැනුම් දෙනවා. 14ට තව සතියක් තියෙනවා. ඉදිරියේදී රටේ තියෙන තත්ත්වය විශ්ලේෂණය කරලා එවැනි දෙයක් අවශ්‍ය වුණොත් ඒ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. නමුත් දැනට එවැනි තත්ත්වයක් නෑ.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button