BREAKING NEWSEXCLUSIVE
පෙට්‍රල් බැරල් මිලියන 1.8 ක් ආනයනය කිරීමට අනුමැතිය

මෙරටට මාස 8 ටක කාලයක් සදහා අවශ්‍ය පෙට්‍රල් බැරල් මිලියන 1.8 ක් ආනයනය කිරීමටකැබිනට් අනුමැතිය ලැබී ඇත. ඒ සඳහා සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවීමෙන් අනතුරුව එම දිගු කාලීන කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ MS OQ ටේ්රඩින් ලිමිටඩ් ආයතනය වෙත ලබාදීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ. ඒ, අදාළ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුවයි. මෙම වසරේ පෙබරවාරි 15 වනදා සිට ඔක්තෝම්බර් 14 වනදා දක්වා කාලය තුළ එම පෙට්‍රල් තොගය මෙරටට ආනයනය කිරීමට නියමිතයි.