BREAKING NEWSEXCLUSIVE
මන්ත්‍රීකම ඉල්ලා ගලබොඩඅත්තේ හිමි මා මරන්න එලවනවා, රතන හිමිත් මා ලුහුබදිනවා – මහ ලේකම් හිමි

අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය තමන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ පාර්ශවයෙන් තමන්ට මරණ තර්ජන එල්ල වන බව අපේ ජන බල පක්ෂ මහලේකම් වේදනිගම විමලතිස්ස හිමි පවසති.
දුරකථන වලින් මෙම මරණ තර්ජන එල්ල කරන්නේ පක්ෂයේ සභාපතිවරයා සහ ඥානසාර හිමියන්ගේ උවමනාව නිසා බවද උන්වහන්සේ සඳහන් කරති. එමෙන්ම පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ කණ්ඩායම්ද තමන් සිටින බවට සැක සහිත ස්ථාන වටකරමින් සිටින බවද උන්වහන්සේ සඳහන් කළහ.
තමන් මරා දමන බවටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවටත් ඔවුන් විසින් විටින් විට ඇමතුම් දෙන බවද ඒ හිමියෝ කියා සිටිති.
අපේ ජන බල පක්ෂය මන්ත්‍රී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ප්රශ්නය මේ වන තෙක් නිරාකරණය වී නැත.
සබැඳි පුවත් :