GOSSIP NEWSVIRAL NEWS

අට ශ්‍රේණියේ සිසුවියක් සහ සිසුවෙක් අඹු සැමියන් ලෙස හැසිරෙද්දී පැමිණි ගුරුවරියට සිහි නැති වෙන්නට ප්‍රහාර

අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි මිශ්‍ර පාසලක තෙමහල් ගොඩනැඟිල්ලක පාසල් සිසුවියක හා සිසුවකු අඹු සැමියන් ලෙස හැසිරෙමින් සිටින අයුරු දුටු එම පාසලේ ගුරුවරියක් (නියෝජ්‍ය විදුහල්පතිනිය) එම සිසුවා එල්ල කළ දරුණු පහරක් හේතුවෙන් සිහිසුන්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අදාළ සිදුවීම විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් වසන් කර ඇති බව විද්‍යාලයීය ආරංචි මාර්ග සඳහන් කළා. තුවාල ලැබූ නියෝජ්‍ය විදුහල්පතිනියත් අනුරාධපුර රෝහලේ පිහිටි රෝහල් පොලිසියට වෙනත් අසත්‍ය ප්‍රකාශයක් ලබාදී තිබෙන බවත් වාර්තා වනවා.

අදාළ විද්‍යාලයේ වාර්ෂික නිවාසන්තර ක්‍රීඩා තරගාවලිය සඳහා පුහුණුවීම් සිදුවෙමින් පවතිද්දී මෙම සිදුවීම සිදුව තිබේ.

සිද්ධිය වූ දිනයේ නියෝජ්‍ය විදුහල්පතිනිය විද්‍යාලයේ සංචාරයක නිරතවෙමින් සිටියදී දැනට අඩක් නිමකර ඇති තෙමහල් ගොඩනැඟගිල්ලේ ඉහළ මහලයේ යම් ශබ්දයක් ඇසීම නිසා එම ස්ථානයට ගොස් ඇති අතර ඒ අවස්ථාවේ ඇයට දෑස් අදහා ගැනීමට නොහැකි අන්දමින් මෙය දැක තිබෙනවා.

ඒ වනවිට අදාල සිසුවිය සහ සිසුවා නිරුවත්ව ලිංගිකව එක්වෙමින් සිට තිබේ.

ගුරුවරිය එම ස්ථානයට යනවාත් සමඟම පාසල් සිසුවා ඇයට බිම ඇදවැටෙන ආකාරයට වැරෙන් තල්ලු වන අන්දමේ පහරක් එල්ලකර ඇති අතර එම පහරෙන් බිම ඇදවැටී හිස පුපුරා යෑමෙන් සිහිසුන්ව වැටී තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ වූ දැරිය හා සිසුවා විද්‍යාලයේ අටවැනි ශ්‍රේණියේ හා දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නන් බව වාර්තා වනවා.

Related Articles

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button