BREAKING NEWSEXCLUSIVEPOLITICS
කාන්තාවන්ගේ ලෙඩට හේතුව උස්සන් ඉන්න බැරි ඇඟ – අනුරගෙන් ගල් යුගයේ කතාවක්!

ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත ජාතික ජනබලවේගයේ අනුරාධපුර දිසා සමුලුව ඊයේ පැවැත්වුනා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ එම පක්ෂයේ ඉහළ තනතුරු දරනා පිරිසකගේ සහභාගීත්වයෙන්.
එහිදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කාන්තාවන් පිළිබඳව අපහාසාත්මක ප්‍රකාශ කිහිපයක් සිදු කරනු දක්නට ලැබුනා. එහිදි ඔහු කාන්තාවන්ගේ ලෙඩ වලට හේතුව ඔවුන් විසින් විශාල ශරීරයක් ඔසවා ගෙන සිටීම බව කියා සිටියා.
“බොඩි ශේමිං” නොහොත් ශරීරය උදෙසා අපහාසාත්මක ප්‍රකාශ නූතන ශිෂ්ඨ සමාජය දැඩි පිළිකුලෙන් හෙළා දකින ප්රකාශයි. ඒ අතර මෙම ප්‍රකාශයේ කාන්තාවන් පහත් කිරීමේ අභිලාශයක්ද පවතිනවා.
ඔහුගේ මෙම සෘණාත්මක ප්‍රකාශය සමාජ මාධ්‍ය තුල දැඩි විවේචනයට භාජනය වෙමින් පවතින අතර සමාජ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ අද රට හැදීමට ඉල්ලනා මොවුන් සමාජවාදීන් නොව සමාජ රෝගීන් බවයි.
එම වීඩියෝව පහතින්,