අනුර කුමාර ජවිපෙ නායකත්වයෙන් ඉවත් වේ – කැම්පස් කල්ලියේ ලඟම ගෝලයා බිමල්ට ජවිපෙ නායකත්වය ?

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව අර්බුධයක් මතුව තිබෙන බව Lanka Mag වෙත වාර්තා වනවා. එය පළමු වරට පැන නැගී ඇත්තේ ජනාධිපතිවරණයෙන් පසුව පැවති පළමු දේශපාලන මණ්ඩල රැස්වීමේ දී.
එහිදී පළමු යෝජනාව වී ඇත්තේ අනුර කුමාර දිසානායක නායකත්වයෙන් ඉවත් විය යුතුය යන්නයි.
මේ අනුව අනුර කුමාර දිසානායක පරාජයේ වගකීම බාර ගනිමින් ඉල්ලා අස්වීමට සුදානම් බව සඳහන් කර ඇති නමුත් මීළග නායකයා පත් කිරීමේ බලය ඔහු විසින් ඉල්ලා තිබේ.
එහිදී අනුර කුමාර දිසානායක ප්රකාශ කර ඇත්තේ බිමල් රත්නායකට ජවිපෙ නායකත්වය ලබා දිය යුතු බවයි.
බිමල් රත්නායක සැලකෙන්නේ අනුර කුමාර දිසානායක විසින් ජවිපෙ බලය ලබා ගැනීම සඳහා කල්ලි ගැසුනු “කැම්පස් කල්ලිය” යන අනුවර්ථනාමයෙන් හැඳින්වූ කල්ලියේ ප්රමුඛ සාමාජිකයෙකි.
විමල් වීරවංශ, කුමාර් ගුණරත්නම්, සෝමවංශ අමරසිංහ වැනි ජවිපෙ ප්රධානීන් පක්ෂයෙන් එලවා පක්ෂය එජාපය සමග එක් කිරීමේ ප්රධාන මෙහෙයුම සිදු කළේ මෙම ‘කැම්පස් කල්ලිය’ විසිනි.
තමන් ජවිපෙ නායකත්වයෙන් ඉවත් වූවත් සිය එජාපය හා ජවිපෙ එක් කරනා සිය න්යායපත්රය ඉටු කර ගත හැකි පුද්ගලයා වන්නේ බිමල් රත්නායක බවට අනුර කුමාර දිසානායක හඳුනාගෙන තිබෙන බව වාර්තා වේ.
කෙසේ වෙතත් එම යෝජනාවට විරුද්ධ වූ ඇතැම් දේශපාලන මණ්ඩල සාමාජිකයන් කේ.ඩී.ලාල්කාන්ත නායකත්වය සුදුසු බව යෝජනා කර තිබේ.
කෙසේ වෙතත් ජවිපෙ මීළග නායකයා දේශපාලන මණ්ඩලය තුලදී තෝරා ගැනීමට සුදානම් බවද වාර්තා වේ.