BREAKING NEWSEXCLUSIVE

“රනිල් ඇමෙරිකාවට, ඉන්දියාවට යට වුනේ නෑ – වරාය හැර වෙන කිසිවක් විකිණුවේ නෑ” අනුරගෙන් රනිල්ට පැසසුම්!

එක්සත් ජාතික පක්ෂයේ නායක හා හිටපු අගමැති රනිල් වික්‍රමසිං ඉන්දියානු සහ ඇමෙරිකානු ගැති නොවූ නිසා එම රටවල් වල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ සැලසුම් ක්‍රියාවට නැංවීමට නොහැකි වූ බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරනවා.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස කටයුතු කළ සමයේදී විකුණා දමන ලද්දේ හම්බන්තොට වරාය පමණක් බවත් කී ජවිපෙ නායකයා මාස දෙකක් පමණ වයසැති මේ රාජපක්ෂ පාලනය විසින් දැනටම ශ්‍රී ලංකාවේ ඉඩම් කිහිපයක්ම විකුණා ඇතැයිද තවදුරටත් සඳහන් කළේය.

ඒ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා එම රටවල් කටයුතු කළ බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

එම සැලසුම අනුව එම රටවල් විසින් පාස්කු බෝම්බ ප්‍රහාරය සැලසුම් කර ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති කිරීමට කටයුතු කල බවද ඔහු පැවසීය.

එම ප‍්‍රහාරයෙන් පසුව ජාතික ආරක්ෂාව මුල්කරගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පුටුවේ වාඩි කරවීමට ඇමෙරිකාව කටයුතු කළ බවද ඔහු කියා සිටියේය.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මේ බව සදහන් කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹදී සංවිධානය කරගත සමුළුවක් අමතමිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button