අනුරට රනිල් අප්‍රිය වෙයි. පුටු වෙනස් කරන්න යැයි දැඩි ඉල්ලීමක්..

ජාතික ජන බලවේගය හරහා පැමිනි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක විසින් පාර්ලිමේන්තුවේ එජාප නායක රනිල් වික්‍රමසිංහ අසල හිඳ ගැනීම දැඩිව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.
ඔහු පාර්ලිමේන්තුවේ පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා අවස්ථාවේදී මේ බව දැඩිව ප්‍රකාශ කර සිට ඇති අතර,ගයන්ත කරුණාතිලක අමතා අනුර දිසානායක පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහට කිසිසේත් තමන්ට යාබද අසුන ලබා නොදෙන ලෙසය.
මේ අතර පාර්ලිමේන්තු ආසන පනවන්නේ ජ්‍යෙෂ්ඨත්වය, පාර්ලිමේන්තුවේ උසුලන තනතුරු, පක්ෂ නායකත්වය ආදී කරුණු සැලකිල්ලට ගනිමින් බව වේත්‍රදාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු විසින් පවසා සිටියි.
කෙසේ නමුත් පසුගිය ආණ්ඩු සමයේදී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක දැඩිව එක්ව බොහෝ කටයුතු සිදුකල අතර FCID තීරණ ඇතුළු අරලිය ගහමන්දිරයේ බොහෝ සාකච්ඡා වලට අනුර දිසානායකද එක් වූ බව වාර්තා විය.
එබැවින්, එජාප නායක රනිල් වික්‍රමසිංහට හිමි වූයේ පාර්ලිමේන්තුවේ විපක්ෂය පැත්තේ 16 වන අසුන ය. ඊට යාබද අසුන ජවිපෙ නායක අනුර දිසානායකගේය.