පසුගිය මාසයට පමණක් අන්තරය හය වතාවක් කොළඹ අවහිර කරලා – මිනිස් පැය ලක්ෂ ගණනක් අපතේ

පසුගිය මාසයට පමණක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නොහොත් අන්තරය විසින් මෙහෙයවූ සිසුන් හය වතාවක් පමණ කොළඹ නගරයට පැමිණ කොළඹ මාර්ග අවහිර කර තිබේ.
කොළඹ ජනාකීර්ණ මාර්ග, කාර්යාල අවසන් වන වේලාවේදි හෝ පාසල් අවසන් වන වේලාවේදි එම මාර්ග අවහිර කිරීම විශේෂයත්වයකි. එහිදී ඔවුන්ගේ අරමුණ එම මාර්ග අවහිර කර දැඩි මාර්ග තදබදයක් නිර්මාණය කිරීමය.
එහිදී කාර්යාල අවසන් වී නිවෙස් කරා යමින් සිටින විඩාබර ජනතාවගේ කාලය දැඩි ලෙස අපතේ යන අතර, මෙය රටේ කාර්යක්ෂමතාවයට දැඩිව බලපායි. එහිදී අපතේ යන මිනිස් පැය ගණන ලක්ෂ ගණනකි.
රටේ ප්‍රධාන සංචාරක කලාපයක් වන, ප්‍රධාන තරු හෝටල් පිහිටා තිබෙන ගෝල් ෆේස් කලාපය මෙලෙසට ඔවුන් විසින් අවහිර කරනා අතර මෙය දහස් ගණන් සංචාරකයන්ගේ ඇස ගැටෙන අමිහිරි දසුනකි. මෙය රටේ සංචාරක ව්‍යාපාරයට සහ රටේ ප්‍රතිරූපයට ඉතා හානිකර ලෙස බලපාන්නකි.
මේ අනුව පසුගිය මස
ජනවාරි 09 – මහපොල විරෝධතාව කොළඹට
ජනවාරි 16 – රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට විරුද්ධව කොළඹට
ජනවාරි 20 – විවෘත විශ්වවිද්‍යාලය සම්බන්ධව කොළඹට
ජනවාරි 30 – රුහුණේ උපකුලපතිට විරුද්ධව කොළඹ කොටුවට
ජනවාරි 30 – විශ්වවිද්‍යාල විද්‍යායතන ගැටලු සම්බන්ධව කොළඹට
පෙබරවාරි 05 – HND සිසු ගැටලු සම්බන්ධව කොළඹට
පැමිණ කොළඹ මාර්ග අවහිර කර තිබුනි.
මෙම ගැටලු සඳහා සාකච්ඡා කිරීමට ජනපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක් ඉල්ලා යැයි කියමින් ඔවුන් ප්‍රථමයෙන් මෙම විරෝධතා දියත් කළහ. පසුව ජනපතිවරයා විසින් ඔවුන් ජනපති ලේකම් කාර්යාලයටම කැඳවා සාකච්ඡා ලබා දුන් අතර, ඉන්පසුව අන්තරය සාකච්ඡා ප්‍රතික්ෂේප කරමින් මාර්ග අවහිර කරන්නට වූහ.
ඉන්පසුව ජනපතිවරයාගේ උපදෙස් පරිදි මෙම විරෝධතා වලින් ජනතාවට වන පීඩාව අවම කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට විරෝධතා දක්වන්නන් සඳහා උද්ඝෝෂණ කිරීම භූමියක් වෙන් කර ඇත.
කෙසේ වෙතත් මෙම සිසුන් එම විරෝධතා ස්ථානය මගහැර සුපුරුදු පරිදි මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ යෙදීම විශේෂත්වයකි.
රටේ අග නගරයේ ප්‍රධාන ආර්ථික කලාපයක සතිපතා සිදුවන මෙම ක්‍රියාවලිය මෙරට ආර්ථිකයටත්, කාර්යක්ෂමතාවයටත් දැඩිව බලපාන ජාතික අපරාධයකි. මෙම අපරාධයට වහා පිළියම් යෙදීම බලධාරීන් සතු වගකීමකි.
Hoda toilet water bowser 5 vitharak genath ekekuta Wath yanna beri wenna kotu karala peya 2 vitara nawanna one. Munta gahana hoda watura aparade