BREAKING NEWSEXCLUSIVE
අත්අඩංගුවට ගත් අන්තරයේ ලොක්කන් බන්ධනාගාරයට

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතව සිටියදී අත්අඩංගුවට ගැණුනු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ භික්ෂූන් වහන්සේ දෙනමක් ඇතුළු සිසුන් විසි දෙදෙනා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත් ලක්මාලි විජේතුංග ලබාදුන් නියෝගයට අනුවයි.
ඔවුන් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණේ මංමාවත් පනත උල්ලංඝණය සහ අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනා යටතේයි.