Uncategorized

තවත් වර්ජනයක්..??

ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමුවන් තමන්ට පැවරී ඇති රාජකාරි පමණක් ඉටු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදය ප්‍රකාශ කළේ අනුමත වාර්ෂික නිවාඩු සහ පියාසර ලැයිස්තුවේ සඳහන් නිවාඩු දෙවියනි රාජකාරි කටයුතු කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බවයි.

පසුගිය වසරේ දෙසැම්බර් 18 වන දින සිට ශ්‍රී ලංකන් ගුවන් සේවා පරිපාලනය විසින් ගනු ලැබු නීත්‍යානුකූල නොවන කප්පාදු කිරීම්වලට සාධාරණ විසඳුමක් ලබා නොදීම හේතුවෙන් ගුවන් නියමුවන් මෙම තීරණය ගෙන ඇත.

එම ඉල්ලීම් වලට සාධාරණ විසඳුම් ලබා දෙන බවට පරිපාලනය ලිඛිත ව පොරොන්දු වුව ද මේවන තෙක් ඒ සඳහා විසඳුමක් ලබාදීමට ඔවුන් අපොහොසත් වී ඇති බව ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසඳය සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button